O/L සමත් ,අසමත් සියලූම දෙනා දැනුවත් කරමු......................
අ.පො.ස.(උසස් පෙළ) විෂය සංයෝජන යටතේ හදුන්වා දී ඇති විෂයධාරා 06 කි.
1. කලා විෂය ධාරාව
2. වාණිජ්‍යය විෂය ධාරාව
3. ජෛවීය විද්‍යා විෂය ධාරාව
4. භෞතික විද්‍යා විෂය ධාරාව
5. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව
6. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව
එහෙත් එසේ නොමැති දරුවන් කුමක් කල යුතුද?
13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන - 2017
මේ පිලිබදව අධ්‍යාපන අමාත්‍යංශය විසින් 37/2017 අංක දරණ චක්‍රලේඛය 2017.09.20 දින නිකුත් කර ඇත.
Ø සෑම දරුවකුම 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන හදුන්වා දී ඇත.
Ø අ.පො.ස.(සා/පෙළ) පෙනී සිටින සියලු සිසුන්ට සමත් අසමත්භාවය නොසලකා ඇතුලත්වීමට ඉඩ සැලසීම
Ø අනාගත අභියෝග ජයගතහැකි වෘර්තීය අධයාපනයක් අරමුණු කිරීම
Ø 07 වන විෂය ධාරාව ලෙස වෘර්තීය විෂය ධාරාව හදුන්වා දීම.
වෘර්තීය විෂය ධාරාව
ප්‍රධාන සංරචක 03 කි
I. පොදු විෂය ක්ෂේත්‍රය
II. ව්‍යවහාරික විෂය ක්ෂේත්‍රය
III. ආයතනික වෘත්තීය පුහුණුව
පොදු විෂය ක්ෂේත්‍රය
12 ශ්‍රේණියේ පලමු වාරය ( ඔක්තෝබර් සිට ඊලග වසරේ මාර්තු දක්වා) පහත සියලුම විෂයන් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුය.
පොදු විෂය ක්ෂේත්‍රය
පළමු බස ( සිංහල හෝ දෙමළ )
ව්‍යවහාරික ඉංග්‍රීසි හා සන්නිවේදන කුසලතා
සෞන්දර්ය රසාස්වාදය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා
පුරවැසිභාවයට අදාල කුසලතා
සමාජ යහපැවැත්ම සදහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා
ව්‍යවසායකත්ව කුසලතා
ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්
වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන්
ව්‍යවහාරික විෂය ක්ෂේත්‍රය
v 12 වන ශ්‍රේණියේ දෙවන හා තුන්වන වාර සදහා පහත විෂයන් අතරින් විෂයන් 03 ක් සිසුන් විසින් තෝරාගත යුතුය.
v එක් පාසල් වාරයකදී විෂයකට පැය 100 බැගින් විෂයන් 03 සදහා පැය 300 ක් වෙන් කල යුතුය.
v 12 වන ශ්‍රේණියේදී තෝරාගත් ව්‍යවහාරික විෂයන් තුනෙන් එක් විෂයයක් පමණක් 13 ශ්‍රේණියේදී හැදෑරිය යුතුය.
v සහතිකයක් පිරිනමනු ලැබේ.
විෂයයන්
I. ළමා මනෝවිද්‍යව හා ආරක්ෂණය
II. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
III. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
IV. ප්‍රාසාංගික කලාව
V. කාර්ය සිද්ධි කළමණාකරණය
VI. ශිල්ප කලා
VII. අභ්‍යන්තර නිර්මාණකරණය
VIII. විලාසිතා නිර්මාණකරණය
IX. ග්‍රැපික් නිර්මාණකරණය
X. කලාව හා පිරිසැලසුම්කරණය
XI. භූ දර්ශන නිර්මාණකරණය
XII. ව්‍යවහාරික විද්‍යා තාක්ෂණ අධ්‍යයනය
XIII. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
XIV. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
XV. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
XVI. වැවිලි භෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
XVII. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය
XVIII. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
XIX. විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
XX. පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණ අධ්‍යයනය
XXI. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය
XXII. ඇලුමීනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය
XXIII. මෘදුකාංග සංර්ධනය
XXIV. වෙබ් නිර්මාණකරණය
XXV. සංචරණය හා ඇගන්තුක සත්කාර
XXVI. පාරිසරක අධ්‍යයනය
ආයතනික වෘත්තීය පුහුණුව
පාසල විසින් හදුන්වාදෙන ආයතනයක වෘත්තීය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙම පුහුණුව අවසානයේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වන පරීක්ෂණයකින් පසුව NVQ – 4වෘර්තීය සහතිකයක් ලබා දෙනු ඇත.
ඉන් අනතුරුව වයඹ විශ්ව විද්‍යාලය හා ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා උපාධිය දක්වා ගමන් කල හැකි වේ.
මේ පිලිබදව තවත් ලිපියක් පසුව ඔබගේ ඉල්ලීම් අනුව ලිවීමට අදහස් කරමි. ඔබගේ අදහහස් පහතින් සටහන් කරන්න. එම අදහස් ඉතා අගය කොට සලකමි. ස්තූතියි යහපත් පුරවැසියෙක් වූවාට.....

Comments

Popular posts from this blog